හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට

ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට

නෙත් දාහක් පසුකර විත් මට හිමි දෙනුවන දුටුවිට

හඳපානක් වූයේ නුඹ නොවෙදෝ මා හිත් අහසට

හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට

ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට

නෙත් දාහක් පසුකර විත් මට හිමි දෙනුවන දුටුවිට

හඳපානක් වූයේ නුඹ නොවෙදෝ මා හිත් අහසට

දූවිලි හුළඟින් පිරුණත් ඉපදුණු නගරේ

මට නුපුරුදු ගමට එන්න බෑ

මේ නගරය අත් හරින්න බෑ

මගෙ උරුමය රැඳුනත් මා ලද ගම් පියසේ

මේ නගරේ කූඩුවෙන්න බෑ

ගම්මානය අත් හරින්න බෑ

අප දෙන්නා මුණගැස්වූ මේ මහ නගරේ

අතැර නුඹට ගමට යන්න බෑ

මේ නගරය අත්හරින්න බෑ

මගේ සිතින් නුඹ සිතනා මතු යම් දවසේ

මේ නගරේ පාළු වෙන්නේ නෑ

මං තනියෙන් ගමට යන්නෙ නෑ

හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට

ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට

නෙත් දාහක් පසුකර විත් මට හිමි දෙනුවන දුටුවිට

හඳපානක් වූයේ නුඹ නොවෙදෝ මා හිත් අහසට